කංසා වගාකිරීමට අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ලද වහාම අපනයන කර්මාන්තයක් ලෙස මෙරට තුළ කංසා වගාව ආරම්භ කරන බව හෙතම කියා සිටියේය.
කංසා අපනයනය කිරීමෙන මෙරටට විදේශ විනිමය විශාල වශයෙන් උපයාගත හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.