ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන සකස් කර ආනයනය කොට රජයේ රෝහල්වලට බෙදාහැරි පුද්ගලයින් නොවැම්බර් මස 16 වනදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මාලිගාකන්ද අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම නියෝගය කර ඇත.
අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලක් අනුව අධිකරණය වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය කර තිබේ.