පොලිස්පතිවරයා ලෙස C.D වික්‍රමරත්න මහතාට තෙවැනි වරටත්, යළි සති තුනක සේවා දිගුවක් ලබා දී තිබේ.
විශ්‍රාම යාමෙන් අනතුරුව ද සේවා දිගුවක් ලබාදීමෙන් පසු ඔහු මේ දක්වා පොලිස්පති ධුරයේ කටයුතු කළේය.
පළමු වර ඔහුට මාස තුනක සේවා දිගුව ලබා දුන්නේ මෙම වසරේ මාර්තු මස 26වන දිනයි. ඒ අනුව ජුනි 26වනදා ඔහුගේ පළමු සේවා දිගුව අවසන් විය.
දෙවනුව ද ඔහුට යළි මාස තුනකට සේවා දිගුවක් ලබා දුන් අතර, එම දෙවන සේවා දිගුව පසුගිය 09 වනදා අවසන් විය.
ඒ අනුව එදා සිට අද(13) දක්වා ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වූයේ පොලිස්පතිවරයෙකු නොමැතිවයි.
කෙසේවෙතත් තවමත් පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමට අපොහොසත් වීම නිසා C.D වික්‍රමරත්න මහතාට අද සිට යළි සති තුනක සේවා දිගුවක් ලබා දී තිබේ.
C.D වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව අලුතින් පොලිස්පතිවරයකු පත්කළ යුතු වුවද එම ධුරය සඳහා වෙනත් අයෙකු තෝරා පත්කරගැනීම මාස හයක පමණ කාලයක සිට මේ දක්වා සිදුනොවීය.
එබැවින් වික්‍රමරත්න මහතා විශ්‍රාම ගිය ද ජනාධිපතිවරයා විසින් අවස්ථා දෙකක දී ඔහුගේ සේවා කාලය මාස තුනකින් දීර්ඝ කළ අතර අද සිදුකළ සේවා දිගුව අනුව එය මාස හයයි සති තුනක් වනු ඇත.