fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'කටවුට් -පෝස්ටර්වලට මගේ ෆොටෝ දාන්න එපා' -ජනපති ඉල්ලයි

    ‘කටවුට් -පෝස්ටර්වලට මගේ ෆොටෝ දාන්න එපා’ -ජනපති ඉල්ලයි

    මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනඥයන් වෙත උපදෙස් දී තිබේ.

    එමෙන්ම සෑම පෝස්ටරයකම තම ඡායාරූපය ප්‍රදර්ශනය කරගැනීමෙන් වළකින ලෙස අනෙකුත් දේශපාලන නායකයින්ගෙන් ද ජනාධිපතිවරයා ඉල්ලා සිට ඇත්තේ මඩකලපුව – චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 150 වැනි සංවත්සර උත්සවය අද අමතමිනි.

    ජනාධිපතිවරයාගේ ඡායාරූපය පළකරමින් මඩකලපුවේ දැවැන්ත කටවුට් එකක් සවිකිරීමෙන් පසුව මෙම කතාබහ මතුව ඇත.

    මඩකළපුව ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර තිබූ ජනාධිපතිවරයාගේ ඡායාරූපය

    ජනාධිපතිවරයා මඩකළපුව ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබූ බැවින් ‘2024 රනිල් වෙනුවෙන් අපි’ යනුවෙන් සඳහන් කරමින් දැවැන්ත කටවුට් එකක් මඩකලපුව නගර මධ්‍යයේ දින කිහිපයක සිට ප්‍රදර්ශනය කර තිබුණි.

    ඒ අනුව ජනාධිපතිවරයා අද දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියේ කටවුට් සහ පෝස්ටර්වලට තම රුව යොදා ගැනීමෙන් වළකින ලෙසයි.

    තම ඡායාරූප ඕනෑවට වඩා ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස සියලුම දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා, කටවුට් සහ සටන් පාඨ පදනම් කරගත් දේශපාලනයට වඩා ජනතා අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දීමට දේශපාලනඥයන් අතර සාමූහික කැපවීමක් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න