fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් කතගේ රන් මාලය දුම්රියේදී කඩාගෙන

    පොලිස් කතගේ රන් මාලය දුම්රියේදී කඩාගෙන

    කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගමන් කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයට අනුයුක්ත ව සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරියකගේ රන්මාලය කොළඹ කොටුවේදී පෙරේදා පුද්ගලයෙකු විසින් කඩාගෙන පලා ගොස් ඇත.

    මෙම නිලධාරිනිය මහනුවර ඒකකයට අනියුක්තව සේවය නිරතව සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    කොළඹ කොටුවෙන් දුම්රිය ගමන් ආරම්භ කර ඉදිරියට ගමන් කරනවාත් සමගම ඇගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    මේ ගැන ඇය කොළඹ කොටුව පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.

    මෙසේ කොල්ලකෑ රන්මාලය රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමක් ඇති බව සඳහන් වේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න