fbpx
තවත්
    මුල් පිටුවspecialවාහනයක් ගන්න ලොව වැඩිම මිලක් ගෙවන රට

    වාහනයක් ගන්න ලොව වැඩිම මිලක් ගෙවන රට

    සිංගප්පූරුව තුල පවුලේ සමාජිකයින් සියලුමදෙනාට ගමන් කළ හැකි විශාල ප්‍රමාණයේ මෝටර් රථයක් භාවිතා කිරීම අවසර හිමිවන සහතිකයක මිල මෙරට මුදලින් රුපියල් කෝටි තුනහාමාරක් දක්වා ඉහළ ගොස් තිබේ.

    නගරය තුල ඇතිවන මර්ග තදබදය අවම කිරීමට සිංගප්පූරුව විසින් 1990 වර්ෂයේදී විශේෂ සහතිකයක් හදුන්වා දුන් අතර එරට තුල වාහනයක් මිලදී ගැනීම සඳහා අදාල බලපත්‍රය තිබීම අනිවාර්ය වේ.

    සෑම සති දෙකකට වරක් මෙම සහතික වෙන්දේසියේ විකුණනු ලබන අතර, විකිණීමට ඇති සහතික ගණන රජය විසින් සෘජුවම පාලනය කරනු ලැබේ. ඒ අනුව අයකුරනු ලබන තීරු බදු සහ අනෙකුත් බදු හේතුවෙන් ලොව මෝටර් රථයක් මිලදී ගැනීමට වැඩිම පිරිවැයක් දැරීමට සිදුවන රට බවට සිංගප්පූරුව පත්ව තිබේ.

    මෙම තත්ත්වය අනුව ඇමරිකා එක්සත් ජනපදයේ මෝටර් රථයකට ගෙවන මිල මෙන් හය ගුණයක් මිලක් සිංගප්පූරුවේදී ගෙවීමට සිදුවන වන බවට අනාවරණය වේ.
    කෙසේවෙතත් මෑත කාලයේදී සිංගප්පූරුව තුල මෝටර් රථ සඳහා වූ ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර ඊට කොරෝනා වසංගතයෙන් පසුව සිංගප්පූරු ආර්ථිකය යලිත් ප්‍රකෘති තත්ත්වයට පත්වීමද හේතුවක් වී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img