තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෙරහැරට ආ සීතාට වෙඩි තැබූ නිලධාරියා ගැන ගත් තීරණය

    පෙරහැරට ආ සීතාට වෙඩි තැබූ නිලධාරියා ගැන ගත් තීරණය

    මහියංගණය ඇසළ පෙරහැරට සහභාගී වීමට රැගෙන ආ හීලෑ ඇතින්නකට වෙඩිතැබූ වනජීවි නිලධාරියාට අධිකරණය විසින් අද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

    සීතා ඇතින්නට වනඅලියෙකු යැයි සිතා අද අලුයම වෙඩිතබා තිබුණේ මාපාකඩවැව වනජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලැබු සිවිල් ආරක්ෂක නිලධාරියෙකි.

    පෙරහැර බැලීමට එන ජනතාවට අලින්ගෙන් සිදුවිය හැකි හාන වැලැක්වීමට දියත් කළ වැඩපිළිවෙළක් යටතේ යොදවා තිබූ නිලධාරියකුගෙන් මෙය සිදුව තිබුණි.

    රබර් උණ්ඩ යොදා සිදුකළ වෙඩිතැබීමෙන් වෙඩි වැදුණු ඇතින්නට මේ වනවිට ප්‍රතිකාර සිදුකරමින් පවතී.

    සීතා ඇතින්නගේ වයස අවුරුදු 47කි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img