fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නැවක් නිසා ඉන්දු-චීන ගිරයට ලංකාව මැදිවෙයි

    නැවක් නිසා ඉන්දු-චීන ගිරයට ලංකාව මැදිවෙයි

    මතභේදයට තුඩු දී ඇති ෂි යෑන්-6 චීන පර්යේෂණ යාත්‍රාව, මෙරට වරායක නැංගුරම්ලෑමට ශ්‍රී ලංකා රජය මෙතෙක් අවසර ලබාදී නොමැති බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.

    ඉන්දියාවේ ආරක්ෂක ගැටළු ශ්‍රී ලංකාවට ‘වැදගත්’ බවත් හෙතෙම අවධාරණය කර ඇත්තේ, ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත ෂි යෑන්-6 නම් චීන පර්යේෂණ යාත්‍රාව පිළිබඳ වාර්තා සහ ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ කනස්සල්ල පිළිබඳව ඉන්දීය මාධ්‍ය විසින් විමසූ අවස්ථාවේදී ය.

    ෂි යෑන්-6 චීන පර්යේෂණ නෞකාව ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතව තිබුණි.

    චීන නාවික හමුදාවේ සබ්මැරීන නාශක මෙහෙයුම් සඳහා ඉතා වැදගත් වන සාගර පතුල සිතියම්ගත කිරීමේ හැකියාව ඇති පර්යේෂණ යාත්‍රාවක් ලෙස ෂි යෑන්-6 යාත්‍රාව හඳුන්වයි.

    ඉන්දියාවේ චෝදනාව වන්නේ මෙම චීන නෞකාව ආරක්ෂක ඔත්තු බැලීමේ යාත්‍රාවක් බවයි.

    එබැවින් මෙම නැව ශ්‍රී ලංකා වරායේ යාත්‍රාව නැංගුරම් ලෑම සම්බන්ධයෙන් ඉන්දියාව සිය ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල පළ කර තිබුණි.

    විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳුදා ප්‍රකාශ කළේ මෙවැනි නෞකා මෙරට වරායක නැංගුරම්ලෑම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් (SOP) අප රට සතුව පවතින බව ය.

    “ඉතින් ඒ නිසා මම දන්න විදියට ඔක්තෝබර් මාසේ ලංකාවට එන්න අපි ඊට අවසර දීලා නැහැ. සාකච්ඡා යනවා. නීත්‍යානුකූලව ඉන්දීය ආරක්‍ෂාව අපට ඉතා වැදගත් ය. අපේ කලාපය සාම කලාපයක් ලෙස තබා ගැනීමට අපට අවශ්‍යයි. අපි එය සැමවිටම ඒ බව ප්‍රකාශ කරලා තියෙනවා. ඉන්දියාව දිගු කලක් තිස්සේ සිය කනස්සල්ල ප්‍රකාශ කර තියෙනවා. නමුත් අපි SOP (සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය) සමඟයි කටයුතු කරන්නේ. අපි ඒක හදනකොට ඉන්දියාව ඇතුළු අපේ යාළුවන්ගෙන් බොහෝ දෙනෙකුගෙන් අදහස් විමසුවා. එබැවින්, එය SOP සමඟ අනුකූල වන තාක්කල්, අපට ගැටළුවක් නෑ. නමුත් එය SOP සමඟ අනුකූල නොවන්නේ නම්, අපට ගැටලුවක් තියෙනවා. ”අලී සබ්රි ANI වෙත පැවසීය.’ අලි සබ්රි අමාත්‍යවරයා පැවසීය.

    එක්සත් ජනපද උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ්, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ පැවති සාකච්ඡාවේදී ද ෂි යෑන්-6 ගේ සංචාරය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇත.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මේ පිළිබඳ පවසා තිබුණේ විදේශ යාත්‍රා සඳහා අප රට සතුව සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් සකස් කර ඇති බවයි.

    වාර්තා පවසන පරිදි, ශ්‍රී ලංකාව සියලු ජාතීන් සඳහා මෙම ප්‍රවේශයට පවා අවස්ථාව සලසා දී ඇති බවත්, එම ක්‍රියාවලියෙන් චීනය බැහැර කළ නොහැකි බවත් ඔහු ඇයට පවසා ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 78 වැනි සැසිවාරයට සමගාමීව දෙපාර්ශ්වය අතර හමුවක් පැවැත්විණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.