කතරගම දේවාල භූමියේදී 13හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතල ලෙස ලිංගික අතවරයක් කල පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කතරගම පොලීසිය විමර්ශන ආරම්භකර ඇත.
කතරගම දේවාල භූමියේ ඇති කුඩා දේවාලයක කපුවෙකුගේ කමරයක් තුළදී මෙම අපරාධය සිදුව ඇති බව පොලීසිය කියයි.
හුංගම පදිංචි දරුවෙක් මෙසේ අතවරයට ලක්ව ඇත්තේ එම දරුවාට සිතුම් පැතුම් ඉටුවන ප්‍රාර්ථනා රූපයක් ලබාදෙන්නම් යැයි කියා රවටා කාමරයට රැගෙන ගොස් බව විමර්ශන වලින් පෙනී ගොස් ඇ.ත.
මෙම දරුවා මෙසේ අතවරයට ලක්ව ඇත්තේ පසුගිය මාර්තු 08 වෙනිදාය. ඒ ගැන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ ඊයේ (11)ය.
දරුවට අතවර කළ පුද්ගලයා දේවාල භූමියේ නිතර ගැවසෙන අයෙක් බව හදුනාගෙන ඇත. ඔහු ඇඹිලිපිටියේ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.