තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුක්තිය මෙහෙයුමට ඇවිත් කුඩු ගැසූ පාර්ලිමේන්තු පොලිස් කොස්තාපල්ට වූ දේ..

    යුක්තිය මෙහෙයුමට ඇවිත් කුඩු ගැසූ පාර්ලිමේන්තු පොලිස් කොස්තාපල්ට වූ දේ..

    යුක්තිය මෙහෙයුම සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මත්කුඩු සමඟ හෝමාගම පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරතව සිටි මෙම කොස්තාපල්වරයා යුක්තිය මෙහෙයුම සඳහා විශේෂ රාජකාරි පදනම මත පාදුක්ක පොලිස් ස්ථානයයේ සේවයට යොදවා සිටි අයෙකි.

    අයිස් භාවිතයට පුරුදුව සිටින මෙම කොස්තාපල්වරයා අයිස් මිලිග්‍රෑම් 60ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීය. හෝමාගම පොලීසිය සඳහන් කරනු ලබන්නේ පන්නිපිටිය හිරිපිටියේදී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගත් බවය.

    මෙම පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම් කිරීමට පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ ප්‍රධානීන් විසින් අද වන විට පියවර ගෙන තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img