තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්යන්නත් බැරි ඉන්නත් බැරි ඩයනා නිසා නිලධාරීනුත් හිරවෙලා

    යන්නත් බැරි ඉන්නත් බැරි ඩයනා නිසා නිලධාරීනුත් හිරවෙලා

    හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට පැනවූ විදෙස් ගමන් තහනම හමුවේ, ඇය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උපදෙස් විමසූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    පවතින තත්ත්වය හමුවේ ඩයනා ගමගේ මහත්මියට රටින් පිටවීමට නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සඳහන් කළේය.

    එසේම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග ඩයනා ගමගේ මහත්මියට මෙරට රැඳී සිටීමට වීසා ලබාගත යුතු බවද ඔහු ප්‍රකාශ කළේ ය.

    එවැනි ගැටලුකාරී තත්ත්වයකදී ක්‍රියාකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

    රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අවලංගු කළේ, ඇය බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව තීන්දු කරමිනි.

    මේ අතර, ඩයනා ගමගේ මහත්මියට විදේශ ගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය 09 වැනිදා තහනම් නියෝගයක් නිකුත් කළේය.

    ඒ අනුව ඇය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පැතීමට වගකිවයුතු ආයතනවලට සිදුවනු ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img