පදවිය මහසෙන්පුර නිවසක පදිංචිව සිටි පොල්තෙල් ව්‍යාපාරිකයෙකුට නිවසින් පිටතට කැදවා ටී-56 අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ අභිරහස මාස 04කට පසු විසදීමට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව ඇත.
පසුගිය මැයි 16 වෙනිදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වෙඩිතබා ඝාතනයකරනු ලබන්නේ රසික විජේසේන නැමැති 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකුවය.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පැති කිහිපයකින්ම විමර්ශන පැවැත්වූ පොලීසිය අවසානයේදී හෙළිකර ගනු ලබන්නේ මත්කුඩු ආරවුලක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවය.
මේ වන විට ඩුබායි හී රැදී සිටින ආමි ප්‍රියන්ත නැමැති මත්කුඩු ජාවාරම්කරුගේ කොන්ත්‍රාත්තුවකට අනුව මෙම ඝාතනය සිදුකර ඇති බවද හෙළිකරගත් පොලීසිය වෙඩික්කරුත් යතුරුපැදිකරුත් ඇතුළු හය දෙනෙක්ම අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
ආමි ප්‍රියන්ත නැමැති මත්කුඩු ජාවාරම්කරු වැලිඔය පදිංචිකරුවෙකි. පොල්තෙල් ව්‍යාපාරිකයා ඔහු ගෙන් මත්කුඩු මිලදී ගෙන අලෙවි කිරීමේ නිරතව සිටි බව කියයි. එහිදී ඇතිවුණු යම් ආරවුලක් මුල්කරගෙන ඩුබායි සිට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම ඝාතනය සිදුකර තිබේ.
වෙඩික්කරුත් යතුරුපැදිකරුත් වැලිඔය පදිංචිකරුවන්ය. වෙඩි තැබූ ගිනි අවිය රැගෙන විත් ඇත්තේ ගම්පහ සිට බස් රථයක නැගී බවද අනාවරණය වී ඇත. ගිනි අවිය රැගෙන පැමිණි දෙදෙනා වැලිඔය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිට ඇත. ඒ සදහා ගෙවීම්කර ඇත්තේ ආමි ප්‍රියන්තගේ බිරිඳ විසිනි. අත්අඩංගුවටගත් අය අතර ඇයත් සිටින බව පොලීසිය කියයි.
ඒ හැරුණු කොට අත්අඩංගුවටගත් සැකකරුවන් අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබලෙක්ද සිටියි. වෙඩික්කරු රැගෙන ගමන්කර ඇති යතුරුපැදිය සොයාදී ඇත්තේ ඔහු බව පොලීසිය කියයි.
සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔත්තු බැලීම සම්බන්ධයෙනි.