fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විනිසුරු ආරක්ෂකයා කසිප්පු එක්ක කොටුවෙයි

    විනිසුරු ආරක්ෂකයා කසිප්පු එක්ක කොටුවෙයි

    සබරගමුව පළාගේ මහේස්ත්‍රාත් අධිකරණයක මහේස්ත්‍රාත්වරියකගේ ආරක්ෂාවට වරකාපොල පොලීසියෙන් ලබාදී ඇති පුද්ගලික ආරක්ෂක පොලිස් කොස්තාපල්වරයෙකු කසිප්පු මිලිග්‍රෑම් 15,750ක් සමඟ අලව්ව පොලීසිය ඊයේ රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිතින් මලුවල අසුරා මෙම කසිප්පු මෙම නිලධාරියා විසින් යතුරු පැදියකින් රැගෙන යමින් සිටියදී හසුවී ඇත්තේ ක්ෂණික මාර්ග බාධක සෝදිසි මුරපොලක නිලධාරීන් පිරිසකටය.

    මෙම නිලධාරියා පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් බීමත්ව සිට ඇති අතර ඔහු සතුව රාජකාරි ගිනි අවිය වන පිස්තෝලය ද තිබී හමුවී ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න