ලෝක බැංකු සභාපති අජේ භංගා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ මීට සුළු මොහොතකට පෙර ය.
එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී ඵලදායී සාකච්ඡාවක් මෙලෙස දෙපාර්ශ්වය අතර පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ජනාධිපතිවරයා මේ වනවිට අමෙරිකාවේ නිල සංචාරයක නිරත වේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුග්‍රහය යටතේ පැවති තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ 2023 සමුළුවට ද ජනාධිපතිවරයා සහභාගි වී ඇත.