fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමරිකාවේ හොඳම ප්‍රහාරක යානයක් ආගිය අතක් නෑ

    ඇමරිකාවේ හොඳම ප්‍රහාරක යානයක් ආගිය අතක් නෑ

    ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ භාවිතා කරන ලොව නවීනතම ප්‍රහාරක යානාවක් වන එෆ් 35 යානයක අතුරුදන්ව තිබේ.

    අදාල යානාවේ නියමුවා විසින් ආරක්ෂක පියවරක් ලෙස යානයෙන් හදිසියේම ඉවත් වීමෙන් පසුව යානයට කුමක් වූවේ දැයි සොයා ගැනීමට හෝ යානය කඩා වැටුණු ස්ථානය අනාවරණය කර ගැනීමට තවමත් නොහැකි වී ඇති බවත් එක්සත් ජනපද ආරක්ෂක අංශ සඳහන් කරයි.

    එම ප්‍රහාරක යානාව ඉරිදා දිනයේදී පස්වරුවේ කැරොලිනා ප්‍රාන්තයට ඉහළින් පියාසර කරමින් සිටියදී මෙලෙස අතුරුදන්ව ඇති බවට වාර්තාවේ. යානයෙන් ඉවත් වූ නියමුවාගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔහු තවදුරටත් රොහල්ගතව ප්‍රතිකාර ලබන බවද එක්සත් ජනපද ආරක්ෂක අංශ සඳහන් කරයි.

    එක්සත් ජනපද බලධාරීන් පවසන අන්දමට යානය පිහිටීම සම්බන්ධයෙන් අවසන් වරට වාර්තා වූ ස්ථානය ආවරණය පරිදි යානය සේවීමට මෙහෙයුමක් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් තවමත් යානය සම්බන්ධයෙන් කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවද වාර්තාවේ.

    අනතුරට පත් මෙම ප්‍රහාරක යානාව පස්වන යුගයට අයත් ලොව නවීනතම ගුවන්යානයකි. එයට රේඩාර් පද්ධති මඟහරිමින් ගමන් කිරීමට හැකියාව පවතී. ඒ අනුව ඉතා රහසිගතව සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට මෙම යානයක හැකියාව පවතී.
    එමෙන්ම මෙම යානවට දිගු ගුවන් පතයක් නොමැතිව සිරස් අතර ගුවන් ගත වීමටත් ගොඩ බෑමටත් හැකියාව පවතී. ඒ අනුව මෙම යානයන දැනට ලොව පවතින බලගතුම සහ ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් ආරක්ෂාව තර කිරීමට සමත් සුවිශේෂීම යානයකි.

    ඔබේ අදහස් දක්වන්න.