මරදාන මාලිගාකන්දේදී හය හැවිරිදි දියණියකට මරු කැදවමින් එල්ලවූ පාතාලයේ වෙඩිල්ල දැරිවියගේ පියා විසින් කළ මිනිස් ඝාතනයකට පළිගැනීමක් ලෙස එල්ලවූවක් බවට තොරතුරු මේ වන විට හෙළිවෙමින් තිබේ.
එම ඝාතනය 2022 වසරේ නොවැම්බර් 28 වෙනිදා මට්ටක්කුලියේදී සිදුව තිබුණි. ඝාතනය වන්නේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් උණ්ඩියල්කරන පුද්ගලයෙකි. එම පුද්ගලයාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් විසින් මාලිගාකන්දේ වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවත් ඊට බිලිවූයේ අහිංසක දැරිවියක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
පෙරේදා (17) දින රාත්‍රී කාලයේදී කොටහේන පොලීසිය විසින් කළ වැටලීමටකදී දැරිවියගේ පියා වන මිගාර පෙරේරා නැමැති අයව අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01කට ආසන්න ප්‍රමාණයක් සමඟ පොලීසිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඔහුය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.
ඇප ලැබීමෙන් අනතුරුව බිරිඳත් දියණියත් සමඟ ත්‍රීරෝද රථයකින් කොටහේනේ පිහිටි නිවස බලා ගමන්කරමින් සිටියදී අධිකරණය ආසන්න ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ත්‍රීරෝද රථයේ ගමන්කරමින් සිටි මිගාර පෙරේරා නැමැත්තා ඉලක්කරගෙන වෙඩි තබා තිබෙන බව පොලීසිය කියයි. එම වෙඩි ප්‍රහාර හමුවේ ඔහු පළායන විට දියණියට ඒ එක් වෙඩිල්ලක් වැදී තිබුණි. ඇය මිය යන්නේ එම වෙඩිල්ලෙනි.
මිගාර පෙරේරාගේත් අතකට හා පාදයකට වෙඩි වැදී තිබුණත් ඔහුගේ දිවි ගැලවී ඇත්තේ පළාගොස් සැඟව සිටීමෙනි. පළායන විට ඔහු පස්සේ යතුරු පැදියෙන් වෙඩික්කරුවන් පන්නා ඇතත් යතුරු පැදිය අතර මගදී පෙරලීයාම නිසා ඉලක්කය ලබාගැනීමට ඔවුන්ට හැකියාව ලැබී නැත.