පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් ඊයේ රාත්‍රි කාලයේදී අනුරාධපුර ඔහුගේ නිවස ඉදිරිපිටදී සිදුව ඇත.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් වූ මූලික විමර්ශන අනුරාධපුර මූලස්ථාන පොලීසිය විසින් සිදුකලද පොලිස්පති නියමයෙන් විමර්ශන අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරකරනු ලැබීය.
සිය නිවසේ සිට මීටර් 300ක් පමණ දුරකින් පිහිටි ක්‍රීඩාංගනයක් අසල මිතුරන් කිහිප දෙනෙකු සමඟ මත්පැන් පානයකරමින් සිට ඇති උද්දික ප්‍රේමරත්න ඔහුට අයත් මෝටර් රථයේ නැගී රාත්‍රීයේ නිවසට පැමිණ ඇත්තේ මත්පැන් බෝතලයක් රැගෙන යාමට යැයි කියාය. ඒ පැමිණි ඔහු සිය නිවස ඉදිරිපිට මෝටර් රථය නතරකර නිවස තුළට ඇතුළු වීමත් සමඟ වෙඩි හඩක් ඇසී ඇති බවත් නිවසින් පිටතට ගොස් පරීක්ෂා කිරීමේදී මෝටර් රථයට වෙඩිල්ලක් වැදී තිබී ඇති බවත් ඔහු පොලීසියට පවසා ඇත.
මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට ප්‍රභූ ආරක්ෂක පොලිස් නිලධාරීන් දෙදෙනෙක් යොදවා සිටින බවත් මෙම වෙඩි තැබීම වන විට ඔවුන් සිට ඇත්තේ මන්ත්‍රීවරයාගේ නිවසේ කාමරයකය.
මිලි මීටර් 09 වර්ගයේ අවියකින් වෙඩි දෙකක් තබා ඇති බවත් මෝටර් රථයට වැදී ඇත්තේ එක් උණ්ඩයක් පමණක් බවත් පොලීසිය කියයි.
Can we offer a reward for anyone giiving information about these gunmen?
This got to be stopped and again who is behind this shooting??