fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සරසවි අයදුම්පත් කැඳවීම අද සිට

    සරසවි අයදුම්පත් කැඳවීම අද සිට

    අද (14) සිට විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අයදුම්පත් යොමුකිරීම සිදුකළ හැකි බවය.

    WWW.UGC.AC.LK යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම අයදුම්පත් යොමුකළ හැකි අතර ඔක්තෝබර් 05 වන දින දක්වා ඒ සඳහා කාලය ලබා දී තිබේ.

    2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 04 වන දින නිකුත් කෙරුණි.

    විභාගය සඳහා අපේක්ෂකයින් 263,933 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 166,938 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබේ.

    ඔබේ අදහස් දක්වන්න.