ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් වන මාකිලංගමුවේ සංජීව ව්‍යාජ නමකින් මෙරටට පැමිණෙමින් සිටියදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අද සවස අත්අඩංගුවට ගත්තේය.
නේපාලයේ කත්මන්ඩු නුවර සිට අද දහවල් 12.50ට ගුවන්ගත කල ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඔහු මෙරටට පැමිණ ඇත්තේ සේනාධිරගේ කරුණාරත්න නමිනි.
මාකිලංගමුවේ සංජීව නේපාල සීමාවේදී ඉන්දියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ බව සති දෙක තුනකට පෙර කියැවිනි. එහෙත් ඒ බවක් මෙරට කිසිදු ආරක්ෂක අංශයකට තහවුරු නොවීය.
ඔහු ඉන්දියාවේ සිට නේපාලයට සංචාරකයෙක් ලෙස ඇතුළු වී මෙරටට පැමිණ ඇති බව විමර්ශනයේදී තහවුරුවී තිබේ.