fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අගුණකොලේ රැදවූවෙක් පහරදීමකින් මරුට

    අගුණකොලේ රැදවූවෙක් පහරදීමකින් මරුට

    අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවූවන් දෙදෙනෙක් අතර ඇතිවුණු ආරවුලක් දුරදිග යමින් එක් රැදවූවෙක් අනෙත් රැදවූවාට කළ පහරදීමකින් රෝහල්ගතකර සිටියදී ඊයේ මියගොස් ඇත.

    මෙසේ ඝාතනය වී ඇත්තේ උපුල් ශාන්ත නැමැති 40 හැවිරිදි රැදවූවෙකි. මිද්දෙණිය සමූහ ගොවිපොලේ පදිංචිකරුවෙක් වන මෙම රැදවූවාට පහරදී ඝාතනයකර ඇත්තේ වයි සුජිත් නැමැති සිරකරුවාය. ඔහු තංගල්ල කුඩාවැල්ලේ පදිංචිකරුවෙකි.

    බන්ධනාගාරය පාර්ශවයෙන් පවසන්නේ මෙම සිදුවීම වී ඇත්තේ උමතු සැකකරුවන් රදවා සිටි වාට්ටුවේදී බවය.

    ඔබේ අදහස් දක්වන්න.