fbpx
තවත්
    මුල් පිටුවspecialප්‍රංශයේ සිසුවියන්ට තහනමක්

    ප්‍රංශයේ සිසුවියන්ට තහනමක්

    ප්‍රංශ රජය විසින් එරට රජයේ පාසල්වල මුස්ලිම් සිසුවියන් හට ඔවුන්ගේ ආගමික හා සංස්කෘතියට අනූව කාන්තාවන් පළදින අබායෙන් සැරසී පාසලට පැමිණීම තහනම් කර තිබේ.

    19 වැනි සියවසේ සිට ප්‍රංශය විසින් රජයේ පාසල්වල ආගමික සලකුණු පැළදීම සඳහා දැඩි තහනමක් ක්‍රියාත්මක කර ඇති ප්‍රංශය, රාජ්‍ය අධ්‍යාපනයට කිසියම් හෝ ආකාරයකින් සම්ප්‍රදායික කතෝලික බලපෑමක් ඇතවීම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
    කෙසේ වෙතත් මේවන විට ප්‍රංශ තුල වර්ධනය වන මුස්ලිම් සුළුතරයක් සමඟ කටයුතු කිරීමට මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම දැඩි අර්බුදයක් වී ඇත. 2004 දී, ප්‍රංශය පාසල්වල හිස් ආවරණ පැලදීම තහනම් කළ අතර 2010 දී ප්‍රසිද්ධියේ සම්පූර්ණ මුහුණු ආවරණ වන පරිදි ගමන් කිරීම තහනම් කරන ලදී.

    ප්‍රංශ දේශපාලන වේදිකාවේ ආගමික විශ්වාස රාජ්‍ය සහ සිවිල් පරිපාලන කටයුතු වලින් වෙන් කිරීම ප්‍රබල සටන් පාඨයක් වී තිබේ. මේ අතර ප්‍රංශය තුල ඉහළ යන මුස්ලිම් ජන සමාජය එරෙහිව දක්ෂිනංශික බලවේග එක්වෙමින් පවතින අතර එයද මීට යම් බලපෑමක් එල්ල කර ඇති බවද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

    මේවන විට ප්‍රංශ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි ජනතා අප්‍රසාදයක් ලබා ඇති අතරම අප්‍රිකාන කළාපය තුලද ප්‍රංශයට හිමිව තිබූ බලය සීඝ්‍රයෙන් ගිලිහී යාමක් පෙන්නුම් කරයි.

    ඔබේ අදහස් දක්වන්න.