fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅපනයන සැකසුම්‌ කලාපවල සේවකයින්ට කොවිඩ් එන්නත් දීම ඇරඹේ

    අපනයන සැකසුම්‌ කලාපවල සේවකයින්ට කොවිඩ් එන්නත් දීම ඇරඹේ

    කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා අපනයන සැකසුම්‌ කලාපවල සේවක සේවිකාවන් සඳහා කොවිඩ් එන්නත්කරණය අද ආරම්භ කර තිබේ.

    ඒ යටතේ අද කටුනායක අපනයන සැකසුම්‌ කලාපය තුළ සේවක සේවිකාවන්ට එන්නත්‌ ලබාදීම සිදුවිය.

    ඉදිරි සතිය තුළ කර්මාන්තශාලා 48 ක්‌ පමණ ආවරණය වන පරිදි එන්නත් ලබාදීමට සැලසුම් කර තිබේ.

    කටුනායක අපනයන සැකසුම්‌ කලාපයේ කර්මාන්තශාලා 5ක සේවක සේවිකාවන්‌ සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්‌
    ඇතුලු 500 දෙනෙකුට පමණ සයිනොෆාම්‌ එන්නත අද ලබාදී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.