fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොස්තාපල්වරියකගේ ළැම අතගෑ පොලිස් නිලධාරියාට වැඩ වරදින ලකුණු

    කොස්තාපල්වරියකගේ ළැම අතගෑ පොලිස් නිලධාරියාට වැඩ වරදින ලකුණු

    පලාලි පොලිස් ස්ථානයේ පාලන අංශයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරියකගේ ලැම ප්‍රදේශය අතගාමින් ඇයට ලිංගික හිරිහැර කළ පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබේ.

    මෙම නිලධාරිනිය පොලිස් ස්ථානයේ පරිපාලන අංශයේ වී.පී.එන්. පරිගණක කාමරය අසල රැදී සිටියදී ඇගේ පපු ප්‍රදේශය අල්ලා මෙම පොලිස් පරීක්ෂකවරයා ඇයට හිරිහැරකර ඇත.

    මේ ගැන මෙම නිලධාරිනිය විසින් තොරතුරු සටහන් පොතේ සටහනක් ඇතුළුකර ඇති බවත් ඒ අනුව මෙම නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    ඔබේ අදහස් දක්වන්න.