fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටපුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් වර්ජනයක

    රටපුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් වර්ජනයක

    රටපුරා සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (24) පෙරවරු 8.00 සිට සංකේත වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

    පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසුවේ පිළිකා ආයතනය, මාතෘ සහ ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව යන ආයතන වර්ජනය ක්‍රියා මාර්ගයකට සම්බන්ධ නොවන බවයි.

    එම ආයතනවල නිලධාරීන් ස්වේච්ඡාවෙන් එම ආයතනවල සේවාවේ නිරත වනු ඇති බව ද කුමුදේෂ් මහතා සඳහන් කළේය.

    එම වැඩ වර්ජනය අද පෙරවරු 8.00 සිට හෙට (25) පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක වේ.

    මෙම වර්ජනයට විකිරණ තාක්ෂණවේදීන් වෘත්තිකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, ඖෂධවේදී වෘත්තිකයන්, භෞතචිකිත්සක වෘත්තිකයන් සහ වෘත්තිය චිකිත්සක වෘත්තිකයන් යන වෘත්තීය සංගම් 5 සභාගී වන බවත් කුමුදේෂ් මහතා කීය.

    ඔබේ අදහස් දක්වන්න.