මෙරට පළමු පෙළේ විශ්වවිද්‍යාල පහම ලෝක ශ්‍රේණිගත කිරීම්වල පසුබෑමට ලක්ව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
නවතම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙලෙස ජාත්‍යන්තර වර්ගීකරණය පහළ බැස ඇත්තේ කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ, සහ මොරටුව යන විශ්වවිද්‍යාලයි.
ඔහු සඳහන් කරන්නේ මේ වසර අවසාන වන විට මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් සියයට පනහක පමණ පුරප්පාඩු ඇතිවන බවයි.
ආචාර්ය පුරප්පාඩු 100%කින් සම්පූර්ණ කළ නොහැකි වුවද යම් මට්ටමකින් හෝ ආචාර්ය හිඟය පියවීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු පැවසුවා.
එබැවින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රගතිය සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවේ මහාචාර්යවරයා මේබව පවසා ඇත.