fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගේ අමාත්‍යාංශ වගකීම් රාජ්‍ය ඇමතිලා 4කට පවරයි

    ජනපතිගේ අමාත්‍යාංශ වගකීම් රාජ්‍ය ඇමතිලා 4කට පවරයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණයට දින දෙකක් සඳහා වැඩබලන අමාත්‍යවරු සිව් දෙනෙක් පත් කර තිබේ.

    දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටින ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ඔහු යටතේ ඇති අමාත්‍යාංශ වැඩබැලීමට මෙම පත් කිරීම කර ඇත.

    ඒ අනුව ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින හෙට (21) සහ අනිද්දා (22) දිනවලට අදාළ වන පරිදි මෙලෙස වගකීම් පවරා තිබේ.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ද, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස ද මෙලෙස පත් කර ඇත.

    ඔබේ අදහස් දක්වන්න.