fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එළ ගවයෙක් හොරකම් කර මසට වික්ක කොස්තාපල් අහුවෙයි

    එළ ගවයෙක් හොරකම් කර මසට වික්ක කොස්තාපල් අහුවෙයි

    එළ ගවයෙකු සොරකම්කර මසට අලෙවි කළ බව කියන කන්තලේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් අයෙකුව කන්තලේ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සොරකමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව කන්තලේ පොලීසිය කියයි.

    මෙම එළ ගවයාව සොරාගෙන ඇත්තේ පසුගිය ජූනි මාසයේදීය. එම ගවයාව අලෙවිකර ඇත්තේ තඹලගමුවේ මස්කඩකාරයෙකුට බව හෙළිවී ඇත.

    මෙම එළ ගවයා කන්තලේ භාතියගම පුද්ගලයෙකුට අයත් සතෙක් බව පොලීසිය කියයි. එම ගවයා අයාලේ ගොස් ඇතැයි සඳහන්කරමින් ගවයාගේ හිමිකරු ඒ සම්බන්ධයෙන් ජුනි 26 වෙනිදා කන්තලේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද කර තිබී ඇත.

    එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමේදී හෙළිවී ඇත්තේ කන්තලේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයා තවත් දෙදෙනෙකු සමඟ එක්ව සොරාගෙන ඇති බව හෙළිවී තිබේ. ඒ අනුව කොස්තාපල්වරයා සහ එම සොරකමට සම්බන්ධ එක් පුද්ගලයෙකු අත්අඩංගුවටගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    ඔබේ අදහස් දක්වන්න.