මාර්ගගත ක්‍රමයට ඇනවුම් භාරගෙන, තහනම් උත්තේජක ක්‍රීඩකයන්ට අලෙවි කරන සංවිධානාත්මක ජාවාරම වටලා රුපියල් කෝටි හතරකට අධික වටිනාකමක් ඇති තහනම් උත්තේජක තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු වත්තලදී සහ බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය ශ්‍රී ලංකා උත්තේජක මර්දන ආයතනයේත් ආහාර හා ඖෂධ පාලන අංශයේත් සහය ඇතිව ඊයේ (16) කල වැටලීමක දී ය.
බොරැල්ල කොටා පාරේ පිහිටි තහනම් උත්තේජක මුළු රටටම බෙදා හරින ස්ථානයද මධ්‍යම දූෂණ මර්දන බලකායේ නිලධාරීන්ගේ වැටලීමට ලක්ව තිබේ.
රුපියල් කෝටි 04කට අධික වටිනාකමක් ඇති තහනම් උත්තේජක තිබී ඇත්තේ එහි සඟවාය. ලෝකයේ තහනම්කර ඇති වර්ග 05ක එන්නත් සහ පෙති මෙහි තිබී හමුවූ තහනම් උත්තේජක අතර තිබී ඇත.
මෙම තහනම් උත්තේජක බෙල්ජියමේ සහ ක්සත් රාජධානියේ නිෂ්පාදනයකරනු ලබන ඒවා බවද විමර්ශනයේදී පෙනී ගොස් ඇත. මෙම ජාවාරම මෙහෙයවන්නේ එංගලන්තයේ ව්‍යාපාර කටයුතු සිදුකරනු ලබන මෙරට පුද්ගලයෙක් බවත් තහනම් උත්තේජක සමඟ බොරැල්ල කොටා පාරේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ව්‍යාපාරිකයාගේ ඥාති සහෝදරයෙක් බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ තොරතුරු සඳහන් කළේය.
මෙම තහනම් උත්තේජක බෙදා හැරීම සදහා ඒවා සඟවා තිබුණේ කායවර්ධන උපකරණ හා අතිරේක පෝෂණ ද්‍රව්‍ය අලෙවි ස්ථානයක් තුළ බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම ස්ථානයෙන් මෙම තහනම් උත්තේජක අලෙවි කරනු ලබන්නේ රුපියල් 10,000ත් 12,000ක් අතර මිල ගණන් වලට බවත් ඒවා වැඩිවශයෙන් මිලදී ගන්නේ කායවර්ධන ක්‍රීඩකයින්, මලල ක්‍රීඩකයින්, රගර් ක්‍රීඩකයින් බර ඉසිලීමේ ක්‍රීඩකයින් සහ පාපැදි ක්‍රීඩකයින් බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
2013 වසරේ අංක 32 දරණ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුතු පනත ප්‍රකාරව මෙම වැටලීම කළ බවත් මෙම පනතින් මෙවැනි වැටලීමක් මෙරටදී කළ පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන ආයතනය විසින් දැනුම් දුන් බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා සඳහන් කළේය.
මධ්‍යම දූෂණ මර්දන බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදයකුමාර මහතාට ලද තොරතුරකට අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික විරසිංහ මහතාගේ මෙහෙයැවීමෙන් බුද්ධි අංශයේ සැරයන් ජයලාල් ඇතුලු කණ්ඩායමක් කල දීර්ග ලෙස කල ආවේක්ෂණයකට අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ මධ්‍යම දූෂණ මර්දන බලකායේ සේවයේ නිරත පොලිස්කායවර්ධන සංගමයේ කොස්තාපල් ප්‍රබුද්ධ නිලධාරියා මගින් රුපියල් 37,000ක තහනම් උත්තේජක එන්නත් ඇනවුමක් මාර්ගගතව කරමිනි.
එම ඇනවුමට අනුව තහනම් උත්තේජක ලබා ගැනීමට පැමිණෙන ලෙස ජාවාරම්කරුවන් දැනුම්දී ඇත්තේ වත්තල පිහිටි සුපිරි වෙළඳ සැල් රථ ගාලකටය.
මේ ගැන මධ්‍යම දූෂණ මර්දන බලකාය තහනම් උත්තේජක මර්දන ආයතනයේ අධක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් දර්ශන ගාල්ලගේ මහතා දැනුවත්කරමින් වැටලීමට එස ආයතනයේ සහය ලබාගෙන තිබේ. එහිදී එම ආයතනයේ විමර්ශන නිලධාරී ජනක කුමාර මහතා වැටලීමට සම්බන්ධ වී තිබේ. ඒ හැරුණු කොට මෙම වැටලීමට ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා ප්‍රමුඛ ආහාර පරීක්ෂකවරුන්වන මහින්ද කුමාරසිරි , ඩී.ආර්.ඩබ්ලිව්.බණ්ඩාර, ආර්.එම්.කරුණාරත්න යන මහත්වරුන්ද සම්බන්ධකර ගැනීමට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් පියවර ගෙන ඇත.
වත්තල රථගාලේදී අත්අඩංගුවටගත් පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී බොරැල්ල කෝට්ටේ පාරේ පිහිටි තහනම් උත්තේජක රටපුරා බෙදා හරිනු ලබන ස්ථානය ගැන තොරතුරු අනාවරණය වූ බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි. මෙම තනම් උත්තේජක එම පුද්ගලයා වත්තලට රැගෙනවිත් තිබුණේ යතුරුපැදියකිනි. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ යතුරුපැදියද පොලිස් භාරයට ගෙනය. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව ඉදිරි විමර්ශන සඳහා වත්තල පොලිස් ස්ථානයට භාරදී ඇත.
අනතුරුව මධ්‍යම දූෂණ මර්දන බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ප්‍රමුුඛ නිලධාරීන් බොරැල්ල කොටා පාරේ පිහිටි තහනම් උත්තේජක බෙදා හැරීමේ ස්ථානය වටලා ඇත. එහිදී අත්අත්අඩංගුවටගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ එංගලන්තයේ සිටින සිය ඥාතියා විසින් ගුවන් භාණ්ඩ ලෙස මෙම තහනම් උත්තේජක එංගලන්තයේ සිට මෙරටට එවන බවය. එම ව්‍යාපාරිකයාත් මෙරටට නිතර යන එන බවද ඔහු ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.
මෙම තහනම් උත්තේජක භාවිතා කිරීමෙන් මිනිස් සිරුරේ රසායනික සංයුතිය වෙනස් වන බවත් කෘතිමව ශරීර වර්ධනය වන බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන ආයතනය පවසයි. මේ තුළින් අතුරු ආබාධ රැසක් ඇතිවන බවත් ලිංගික දුබලතා , ලිංගික විපර්යාස, පුරස්ති ග්‍රන්ත පිළිකා ඇතිවීම් වගේම වකුගඩු සහ අක්මා රෝග ඇතිවන බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ලබකාය සඳහන් කරයි.
මෙම වැටලීමේදී බොරැල්ලේදී අත්අඩංගුවටගත් සැකකරුව ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ භාරයට පත්කළ බවත් ඉදිරි නීතිමය පියවර ඒ අය විසින් ගනු ඇති බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ නියකත්වයෙන් උප පොලිස් පරීක්ෂක සඳරුවන්, සැරයන් ජයලාල් (428), කොස්තාපල්වරුන් වන ප්‍රියන්ත (82453),ප්‍රබුද්ධ (77981), සංජීව (91287), තිසර (80501) සහ කුමාර (105716) යන නිලධාරීන් මෙම වැටලීමට සම්බන්ධ වී සිටියහ.