fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එල්ලේ තරගයට ගිය සිසුන් දෙදෙනා දියේ ගිලී මියයයි

    එල්ලේ තරගයට ගිය සිසුන් දෙදෙනා දියේ ගිලී මියයයි

    වවුනියාව විශ්වවිද්‍යාල ක්‍රීඩා භූමියේ පැවති අන්තර් පාසල් එල්ලේ තරගයකට සහභාගිවී සිටි සිසුන් දෙදෙනෙක් ක්‍රීඩාංගනයෙන් පිටත ප්‍රදේශයේ ඇවිද යමින් සිටියදී සිසුන් දෙදෙනෙක් වතුර වලකට වැදී අද සවස මියගොස් ඇත.

    මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ පට්ටාන්වූර් ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකි.

    මෙම සිසුන් අවුරුදු 14 හා 15 යන වයස්වල පසුවන පට්ටාන්වූර් හී පදිංචිකරුවන්ය.

    වලට වැටී දියේ ගිලී සිටි දරුවන් දෙදෙනාව සොයාගෙන ඇත්තේ පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසියකින් අනතුරුවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.