මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවරට උතුරුදෙසින් පිහිටි අධිවේගී මාර්ගයට පුද්ගලික ගුවන්යානක් කඩා වැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු මරණයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
කඩා වැටුණු ගුවන්යානාය පුද්ගලික ගුවන් ගමන් සඳහායොදා ගන්නා කුඩා ප්‍රමාණයේ ජෙට් යානක් වන අතර එය ක්වාලාලම්පූර් අගනුවරට ආසන්නයේ ගුවන් තොටුපොලකට ගොඩ බැස්සවීමට යාමේදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරට පත් ගුවනයානය මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් සහ මොටර් රථයක ගැටී ඇති අතර ඔවුන් සිද්ධියෙන් මරණයට පත්ව ඇති බව වාර්තාවේ.
එමෙන්ම ගුවන්යානය අනතුරට පත්වන විට එහි මගීන් හය දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සිට ඇති බවටද මැලේසියානු බලධාරීන් සඳහන් කරයි. කඩා වැටුණු යානය සැහැල්ලු පුද්ගලික ව්‍යාපාරික ජෙට් යානයක් වන Beechcraft Model 390 (Premier 1) බවට බලධාරීන් සඳහන් කරයි.
යානය ගුවන් ගමන් පාලන කුළුණ සමඟ පැවති සම්බන්ධතා ඇණ හිටීමෙන් අනතුරුව අධිවේගී මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටී ඇති බව බලධාරීන් සඳහන් කරයි. යානය කඩා වැටීමට පෙර අපදා තත්ත්වයට පත්ව ඇති බවටද කිසිඳු දැණුම් දීමක් කර නොතිබුණු බවද මැලේසියාන ගුවන් පාලන අංශ සඳහන් කරයි.
මැලේසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ ගුවන් යානය නිවාඩු දිවයින වන ලන්කාවි සිට පිටත්ව ගොස් ක්වාලාලම්පූර් අගනුවර අසල සෙලන්ගෝර් හි සුල්තාන් අබ්දුල් අසීස් ෂා ගුවන් තොටුපළ වෙත ගමන් කරමින් සිටි බවයි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මැලේසියානු පොලිසිය සහ සිවල් ගුවන්සේවා අධිකාරිය මේවන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.