තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹෙයි

    චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹෙයි

     
    7 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ.  එය අද (16) පෙරවරුවේ  චීනයේ යුන්නන් පළාතේ කුන්මිං නගරයේ දී  ආරම්භ විය. “පොදු සංවර්ධනය සඳහා සමගිය හා සහයෝගිතාව පැවැත්වීම ” එහි ප්‍රධාන තේමාවයි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  ප්‍රධාන ආරාධිතයෙකු ලෙස ඊට සහභාගි විය.
     
    අද (16) සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර ප්‍රදර්ශනය දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ රටවල් සහ කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමේ (RCEP) සාමාජික රටවල් සම්පූර්ණයෙන් ආවරණය කරයි. එය මෙම වසරේ චීනය සහ දකුණු ආසියානු රටවල් අතර ක්‍රියාවට නැංවෙන වැදගත් ආර්ථික හා වෙළඳ හුවමාරු ක්‍රියාකාරකමක් ද වේ.
     
    මෙවර ප්‍රදර්ශනය කුටි 15 කින් සමන්විතය. සිව්වැනි චීන-දකුණු ආසියානු සහයෝගිතා සංසදය සහ සිව්වැනි චීන-දකුණු ආසියානු තාක්ෂණ හුවමාරු සහ නවෝත්පාදන සහයෝගිතා සමුළුව ඇතුළුව වැඩසටහන් 14 ක් එහිදී පැවැත්වීමට නියමිතය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img