fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දින 3ක් වයසැති බිළිඳියක් ඉඩමක දමාගිහින්

    දින 3ක් වයසැති බිළිඳියක් ඉඩමක දමාගිහින්

    මහියංගනය රෝහල පිටුපස ඉඩමක් තුළ දමාගොස් තිබුණු දින 03ක් වයසැති බිළින්ඳියක් සොයාගෙන තිබේ.

    දරුවෙක් කෑ ගසන හඩක් ඇසී ඒ ගැන අවධානය යොමු කිරීමේදී මෙම බිළින්දිය හමුවී ඇත.

    මහියංගනය රෝහලේ විශේෂිත ළදරු ඒකකයේ මෙම බිළින්දිය ඇතුලත්කර තිබේ. ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව රෝහල් තොරතුරු අනාවරණය කළේය.

    රෝහලේදී උපන් බිළින්දියක් මෙසේ ඇගේ මව හෝ වෙනත් අයෙක් මෙහි දමා යන්නට ඇතැයි සැකකෙරේ. ඒ සම්බන්ධයෙන් මහියංගනය පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

    ඔබේ අදහස් දක්වන්න.