මෙරට ප්‍රමුඛ පෙලේ පුද්ගලික වාණීජ බැංකුවක අන්තර්ජාල බැංකු පහසුකමට අනවසරයෙන් ඇතුළු වී රුපියල් 13,765,000ක මුදලක් සොරාගත් යුක්රේන් ජාතික කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 33ක් වන මෙම කාන්තාව සංචාරක වීසා මගින් පැමිණ මෙම අපරාධය සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් අදාල බැංකුව විසින් කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ ය.