තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආලෝක සංඥා නොතැකීමෙන් කතරගම ගමන අතරමග නවතී -7ක් රෝහලට

    ආලෝක සංඥා නොතැකීමෙන් කතරගම ගමන අතරමග නවතී -7ක් රෝහලට

    කතරගම බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයක් විදුලි පහන් සංඥා නොතකා ගමන් කිරීමට ගොස් බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ ජුබිලි බුලස් හංදියේදී ලොරි රථයක අද අළුයම ගැටී බස් රථයේ ගමන්කමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 07 දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇත.

    මෙම අනතුර සිදුවන විට බස් රථයේ මගින් සිට ඇත්තේ 15 දෙනෙක් පමණක් බවත් එබැවින් අනතුරේ හානිය අවම වී ඇති බවත් පොලීසිය කියයි.

    ලොරි රථය තුම්මුල්ල දෙස දිට පැමිණ බස් රථයේ බදෙහි ගැටී තිබෙන බවත් එහිදී බස් රථය පෙරලී ඇති බවත් පොලීසිය කියයි.

    මෙම අනතුර සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනාම අත්අඩංගුවටගත් බව බම්බලපිටිය පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img