පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්නා තෝරාගත් වාහන ආනයන සීමා ඉදිරි සතිය ඇතුළත ලිහිල් කරන බව රජය පවසයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ සෙසු වාහන ආනයන සීමා ලිහිල් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
ඒ අනුව බස් රථ (දේශීය සේවා සහ සංචාරක බස් රථ), ලොරි රථ සහ ට්‍රක් රථ (භාණ්ඩ ප්‍රවාහන, කසළ කළමනාකරණ, ගිනි නිවන) ආනයන සීමාව ලිහිල් කෙරෙන ගැසට්ටුව ඉදිරියේදී නිකුත් කරන බව ද අමාත්‍යවරයා කීය.