ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කෙරේ.
මෙරට තුළ පමණක් නොව මුළු ලෝකයේම ජනප්‍රිය ආහාරයක් වන අර්තාපල් තීරු හෙවත් French Fries නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක් මෙතෙක් අප රටේ නොතිබීම නිසා ඒවා ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3500ක් පමණ විදේශ රටවලට ඇදී යයි.
අප රටේ නිපදවිය හැකි දේ අපේ රටේම නිපදවීමේ අරමුණින් යුතුව ගොඩනගන ලද මෙම කර්මාන්තශාලාව මගින් එම ප්‍රදේශයේ අර්තාපල් වගා කරන ගොවීන් 250කගේ අර්තාපල් මේ සඳහා යොදාගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
Mr. Farmer ලේබලය යටතේ අර්තාපල් තීරු නිෂ්පාදනය අර්තාපල් සඳහා අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස අද සිට අපේ වෙලඳපොලට එක්වේ.
අපේ රටේ වැවුනු අර්තාපල්වලින් සැකසුණු නැවුම්, ගුණාත්මක French Fries 100%ක්ම මෙරට නිෂ්පාදනයකි.
2018 කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් පත් වූ පසු ආරම්භ කළ ලංකාවේ පළමු කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වන කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේදීම මෙම කර්මාන්ත ශාලාව විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම උත්සාහය කුඩා වුවත් රටේ නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙය යෝධ පියවරක් බව පවසන අමාත්‍යවරයා මේ සඳහා අතහිත ශක්තිය දුන් SAPP, IFAD, ව්‍යාපෘති මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට වෙහෙස වූ කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙනේ පරිවේනාධිපති රතනසිරි හිමි සහ මන්ජු මහතා වෙත ද කෘතඥතාවය පළකළේය.





