fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන වාහන අපනයනය ලොව පළමු තැනට

    චීන වාහන අපනයනය ලොව පළමු තැනට

     
    මෙම වසරේ මුල් මාස 7 තුළ චීනයේ මෝටර් රථ අපනයනය කැපීපෙනෙන සාර්ථකත්වයක් අත්පත් කර ගනී.

    චීන රේගු පරිපාලනය 8 වැනිදා නිකුත් කළ සංඛ්‍යාලේඛනවලින් ඒ බව තහවුරු වෙයි.

    වසරේ පළමු කාර්තුවේ දී චීනයේ වාහන අපනයනය ජපානය අභිභවා ගිය අතර, වසරේ මුල් අර්ධය තුළ ද එම තත්ත්වය පවත්වා ගැනීමට චීනය සමත් විය.

    ඒ අනුව, එරට සමස්ත වාහන අපනයනය ලොව පළමු ස්ථානයට පත්ව තිබේ.

     රේගු සංඛ්‍යාලේඛන අනුව,  වසරේ මුල් මාස හත තුළ, චීනය මෝටර් රථ මිලියන 2.8 ක් අපනයනය කර ඇති අතර, එහි වටිනාකම චීන යුවාන් බිලියන 383 ඉක්මවයි.

    මේ අතර, නව බලශක්ති වාහන කර්මාන්තය චීනයේ වත්මන් කාර්මික පරිවර්තනයේ ප්‍රධාන අංගයක් බවට පත්ව තිබේ.  වසරේ මුල් භාගයේ දී නව බලශක්ති වාහන නිෂ්පාදනය 35% කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, එය සමස්ත වාහන අපනයනයෙන් 25% කි.
     

    NewsWave බෙයිජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.