fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බීමත් අමෙරිකානුවාට ගුවන්තොටුපොලේදී වූ දේ

    බීමත් අමෙරිකානුවාට ගුවන්තොටුපොලේදී වූ දේ

    මෙරට සංචාරයක් සඳහා පැමිණ නැවත අමෙරිකාව බලා ගුවන්ගතවීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට ඊයේ සවස පැමිණි අමෙරිකානු ජාතිකයෙකුට ගුවන්යානයට ගොඩවීමට අවස්ථාවක් ලැබුණේ නැත.

    ඒ ඔහු අධික ලෙස මත්පැන් පානයකර සිටීම හේතුවෙනි. ගුවන් සමාගම සහ ගුවන් කොටුපොල ආරක්ෂකයින්ගේ දැනුම්දීමට අනුව ක්‍රියාත්මක වූ ගුවන්තොටුපොල පොලීසිය ඔහුව සිය භාරයට ගෙන අද උදෑසන දක්වා පොලිස් ස්ථානයේ රදවාගෙන සිටියේය.

    ගුවන්තොටුපොල පොලීසිය සඳහන්කරනු ලැබුවේ මෙම අමෙරිකානුවාව පොලිස් භාරයේ තබාගත්තේ ඔහුගේ ආරක්ෂාවට බවත් අද උදෑසන ඔහුට නැවත අමෙරිකාව බලා යාමට අවශ්‍ය පහසුකම් සපයා දුන් බවත් පොලීසිය සඳහන් කළේය.

    ඔබේ අදහස් දක්වන්න.