බලපත්‍ර නොමැතිව බෝර 16 වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පොලිස් සැරයන්වරයෙකුව සීතාවක කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොල්ලුපිටිය පොලීසියට අනුයුක්තව සේවයේ නිරත මෙම සැරයන්වරයාව ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (09) සවස් කාලයේදීය.
අමිතිරිගල මැදගොඩ පිහිටි ඔහු පදිංචි නිවසේදී ඔශුව අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලද ලිපියකට අනුව සිදුකල විමර්ශනයකට අනුව මෙම සැරයන්වරයාව අත්අඩංගුවට ගෙන ඇත.