fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උඩවලවේ අඩිය පෙනෙයි -ජලාශවල ජල මට්ටම තවත් පහතට

    උඩවලවේ අඩිය පෙනෙයි -ජලාශවල ජල මට්ටම තවත් පහතට

    පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරටත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව, උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා පවසයි.

    වලව කලාපයට මෙවැනි අධික වියළි කාලගුණයක් ඇතිවූයේ වසර 20කට පසුවයි.

    හෙතෙම පැවසුවේ උඩවලව ජලාශයේ ජල මට්ටම අද (03) පස්වරුව වනවිට 1.8% දක්වා අඩුවි ඇති බව ය.

    මේ හේතුවෙන් ගොවීන්, පානීය ජලය ලබන සාමන්‍ය වැසියන් මෙන්ම උඩවලව ජාතික උද්‍යානයේ වන සතුන් ද දරුණු ජල ගැටලුවකට මුහුණ දී සිටී.

    “උඩවලව ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 3511කට වඩා අඩු මට්ටමකට ඇවිත්. මේ වනවිට (03දා) උඩවලව ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 75.5ක ප්‍රමාණයේ රැඳිලා තියෙන්නේ. තව දවස් දෙකකින් උඩවලව ජලාශයේ ජල මට්ටම අවම මට්ටමකට ඒවි කියලා විශ්වාස කරනවා. එහෙම වුනොත් ජලාශයේ ජලය නිකුත් කිරිමේ දී අවම පීඩන මට්ටමකට ඒවි. එහෙම වුණොත් විශාල ගැටලුවකට මුහුණ දෙනවා.’ නියොජ්‍ය අධ්‍යක්‍ෂ සූජීව ගුණසේකර මහතා සඳහන් කළේය.

    වියළි කාලගුණයත් සමග රට පුරා ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළ යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

    එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඊයේ වනවිට ජලාශවල ධාරිතාව 33.3%ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

    එමෙන්ම මහවැලි ජලාශ පද්ධතියේ ධාරිතාව ද 34% ක් දක්වා පහළ ගොස් ඇත.

    මේ හේතුවෙන් ජල විදුලි ජනනය සමස්ත විදුලි ජනනයෙන් 16% ක් දක්වා පහළ ගොස් තිබේ.

    ඔබේ අදහස් දක්වන්න.