fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති සබ්රි හෙට ඉරානයට

    ඇමති සබ්රි හෙට ඉරානයට

    විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හෙට (04) සිට ඉරානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.

    ඒ ලබන 07 වැනිදා දක්වායි. ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතාගේ ඇරයුමක් අනුව හෙතෙම මෙම නිල සංචාරයේ නිරත වේ.

    මෙම සංචාරය තුළ දී අමාත්‍යවරයා, ඉරාන ජනාධිපතිවරයා මෙන්ම එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී දෙරට අතර පවත්නා සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරයි.

    මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉරාන දේශපාලන හා ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ දී දේශනයක් පැවැත්වීමට නියමිතව ඇත.

    ඔබේ අදහස් දක්වන්න.