මේ වසරේදී විදේශවල සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 2023 වර්ෂයේ අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පවසන පරිදි ශ්‍රී ලංකාවට විදේශ නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 2022 ජනවාරි සිට ජුනි දක්වා කාලසීමාව තුළ රුපියල් බිලියන 462.5ක් බවයි.
එම කාලසීමාවට සාපේක්ෂව මේ වසරේදී ප්‍රේෂණ ලැබීම් රුපියල් බිලියන 931.3ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව 2022ට සාපේක්ෂව 2023 වර්ෂය සඳහා විදේශ නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම රුපියල් බිලියන 468.8 ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
මේ අතර තාවකාලික දත්ත මත පදනම්ව, 2023 වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලපරිච්ඡේදය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයන් සංඛ්‍යාව 146,437ක් වේ.
2023 වසරේ ජුනි මාසයේ පිටවීම් පිළිවෙළින් 24,087 ක් විය.
2023 වසරේ පළමු භාගය තුළ වාර්තා වූ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ දී වාර්තා වූ මව්ටමට ආසන්න විය
2022 වසරේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව 311,056ක් පමණ විය.