fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන ඉන්ධන දෙවන තොගයත් එයි

    චීන ඉන්ධන දෙවන තොගයත් එයි

    චීනයෙන් ආනයනය කරනු ලබන සිනොපෙක් සමාගමේ පළමු ඉන්ධන තොගය මුදා හැරීම ආරම්භ කර තිබේ.

    දෙවන තොගය අද (02) පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    අමාත්‍යවරයා පවසන්නේ දේශීය මූල්‍ය ආයතනවලින් මාස 12ක මූල්‍ය පහසුකම් මත සැපයුම්කරුවන් නිෂ්පාදන ගෙන ඒම නිසා දේශීය වෙළෙඳපොළට නව සිල්ලර සැපයුම්කරුවන් ඇතුළු වීම තුළින් ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා විදේශ විනිමය අවශ්‍යතා ලිහිල් වනු ඇති බවයි.

    ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු, සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150 ක් සමඟ සිල්ලර ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරනු ඇත.

    ඔබේ අදහස් දක්වන්න.