fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුහුදු මහාවිහාරායේ හිමිනමට පහරදුන් 9ක් අත්අඩංගුවට

    මුහුදු මහාවිහාරායේ හිමිනමට පහරදුන් 9ක් අත්අඩංගුවට

    ගල්ලෙනක භාවනායෝගීව සිටිබව කියන පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසයකරන උඩලවත්තේ රත්නප්‍රිය හිමිට පහරදීමට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙක් පොතුවිල් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවටගත් 09 දෙනාම පොතුවිල් හී පදිංචි ධීවර කාර්මිකයන්ය.

    මෙම පහරදීම සිදුව ඇත්තේ මෙම ධිවර කාර්මිකයින් සහ හිමිනම අතර ඇතිවුණූ බහින්බස් වීමක් දුරදිග ගොස් බව අනාවරණය වී ඇත.

    මෙම පහරදීම පසුගිය 28 වෙනිදා සිදුව තිබුණි. පහරකෑමෙන් තුවාල ලැබූ උඩලවත්තේ රත්තප්‍රිය හිමි පොතුවිල් රෝහල්ට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර ගැනීමට අම්පාර රෝහලට මාරුකරනු ලැබීය. උන්වහන්සේට බරපතල තුවාල නොමැති බව පොලීසිය සඳහන් කළේය.

    ආතිමුනෙයි මදුරවේලි පිහිටි ගල් ලෙනක භාවනාකරමින් සිටියදී එම ස්ථානයට පිරිසක් තමන් වහන්සේට හබලකින් පහරදුන් බව උන්වහන්සේ පොලීසියට පැමිණිලිකර තිබුණි.

    ඔබේ අදහස් දක්වන්න.