fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දාපු ගමන් වාෂ්ප වෙන 35 බිත්තරේ අද දකුණටත්

    දාපු ගමන් වාෂ්ප වෙන 35 බිත්තරේ අද දකුණටත්

    ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල සියලු සතොස වෙළඳසැල් සඳහා ද ආනයනික බිත්තර තොග බෙදාහැරීමට අද (28) පියවර ගෙන තිබේ.

    මෙතෙක් එම බිත්තර බස්නාහිර පළාත තුළ පමණක් බෙදාහැරිණි.

    ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ඊයේ (27) දිනයේ බස්නාහිර පළාතේ සතොස අලෙවිසැල්වලට යොමුකළ සියලු ආනයනික බිත්තර තොග ඊයේ දිනයම අවසන් වී තිබුණි.

    ඒ අනුව ඊයේ රාත්‍රියේ නව තොග බෙදාහැරීමට සිදුවී තිබුණි.

    ඊයේ දින බස්නාහිර පළාත තුළ, සතොස සඳහා රුපියල් 35කටත් සුපිරි වෙළඳසැල් සඳහා රුපියල් 40කටත් අලෙවියට ලබාදුන් ආනයනික බිත්තර තොගය හාරලක්ෂයකට අධික ය.

    මෙම බිත්තර දෛනිකව ඉන්දියාවෙන් ආනයනය කරනු ලබයි.

    ඔබේ අදහස් දක්වන්න.