තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පැමිණිල්ලක් ලියා නොගත් රාළහාමිට වූ දේ..

    පැමිණිල්ලක් ලියා නොගත් රාළහාමිට වූ දේ..

    සිය පුතා විසින් ලේලිට පහරදෙන බවට පැමිණිල්ලක් කිරීමට පැමිණි පුද්ගලයෙකුගේ පැමිණිල්ල සටහන්කර නොගැනීම හේතුවෙන් මාවතගම පොලීසියේ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

    කුරුණෑගල සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඊයේ මෙම වැඩතහනම් කිරීමේ නියෝගය නිකුත්කර ඇත.

    මෙම පොලිස් කොස්තාපල්වරයා නෙල්ලිඅඩි පොලිස් ස්ථානයේ සිට තාවකාලික ස්ථාන මාරුවීමක් ලැබ මාවතගම පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටින නිලධාරියෙකි.

    පසුගිය 17 වෙනිදා සවස 6.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා පොලිස් ස්ථානයේ උපසේවක රාජකාරියේ යොදවා සිට ඇත්තේ මෙම නිලධාරියාය.

    මෙදින රාත්‍රී කාලයේ මාවතගම වෑඋඩ කඳුරුඅංග ගම්මානයේ පදිංචි පුද්ගලයෙක් පොලීසියට පැමිණිල්ලක් කිරීමට පැමිණ ඇත්තේ සිය පුතා විසින් ලේලිට පහරදෙන බවටය.

    එම පැමිණිල්ල මෙම කොස්තාපල්වරයා භාර නොගෙන ඇති බවත් මේ ගැන එම පුද්ගලයා ඉහළ පොලිස් නිලධාරීන්ට දැනුම්දී ඇති බවත් මාවතගම පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    ඒ අනුව විමර්ශනයක් පවත්වා මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට සහකාර පොලිස් අධිකාරීවරයා පියවරගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img