fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාන්පිටි මිල පහළ ගියත් පාන් මිලේ වෙනසක් නෑ

    පාන්පිටි මිල පහළ ගියත් පාන් මිලේ වෙනසක් නෑ

    තිරිඟු පිටි මිල පහළ ගිය ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අද (19) සඳහන් කළේය.

    මීට සති කිහිපයකට පෙර බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කළ නිසා යළි පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

    සෑම වර්ගයකම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කළ බව ප්‍රීමා සමාගම ඊයේ (18) සිටදැනුම් දුන්නේය.

    ඒ අනුව පාන් නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රු. 200 ක් දක්වා පහළ ගිය බව ප්‍රීමා සමාගම සඳහන් කරයි.

    ඔබේ අදහස් දක්වන්න.