fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනාරක්ෂිත විදුලි පේනුව දරුවෙකුට මරු කැඳවයි

    අනාරක්ෂිත විදුලි පේනුව දරුවෙකුට මරු කැඳවයි

    නිවසේ බිත්තියේ අනාරත්ෂිතව තිබුණු විදුලි පේනුවකට ඇගිල්ල ගැසීම හේතුවෙන් විදුලිසැර වැදී අවුරුද්දයි මාසය 06ක් වයසැති දරුවෙක් මියගොස් ඇත.

    අනුහස් පුෂ්පකුමාර නැමැති දරුවා මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව කුරුවිට පොලීසිය සඳහන් කරයි.

    කුරුවිට එක්නැලිගොඩ, සිනමාහල පාරේ නිවසකදී මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය 15 වෙනිදා සවස් කාලයේදීය.

    මෙම දරුවාගේ මවුපියන් කුළිවැඩවල නිරතව සිටින අය බවත් දරුවා මිත්තනියට බලා ගැනීමට තබා ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවත් පොලීසිය කියයි.

    ඔබේ අදහස් දක්වන්න.