කුලියාපිටිය ඉහල ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 04ක් වූ බිළිඳියක් එන්නතත් ලබාදීමෙන් පසු ඇතිවුණු යම් රෝගී තත්ත්වයකින් අනතුරුව මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ නිම්නාධි සේනානායක නැමැති බිළිඳියයි.
මෙම බිළිඳිය මියගොස් ඇත්තේ මුඛයෙන් සෙම වැහිරීම හා හුස්ම ගැනීමේ අපහසු තාවය හේතුවෙන් කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඊයේ (16) අලුයම් කාලයේදීය.
මෙම බිළිඳියගේ පියා කුලියාපිටිය පොලීසියට පැමිණිලිකරමින් සඳහන්කර ඇත්තේ හෙට්ටිපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මාස 04ක දරුවන්ට ලබාදෙන එන්නත පෙරේදා (15) ලබාගැනීමෙන් අනතුරුව මෙම අසනීප තත්ත්වය දරුවාට ඇති වූ බවය. ඔහු මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පොලීසියෙන් ඉල්ලා තිබේ.