fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධිකරණ සංඝනායක හිමිනමකගේ සිරුර ගිහි ඇඳුමින් මහපාරේදී හමුවෙයි

    අධිකරණ සංඝනායක හිමිනමකගේ සිරුර ගිහි ඇඳුමින් මහපාරේදී හමුවෙයි

    සරමකින් සැරසී, බැනියමක් හැද, කැප් තොප්පියක් පැළද මහමග වැටී මියගොස් සිටි හතරලියද්ද ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති තුම්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුද්දෙනියේ සීලරතන හිමියන්ගේ සිරුර අද උදෑසන ප්‍රදේශවාසීන්ට හමුවී තිබේ.

    මළසිරුර අසල එළවළු මල්ලක්ද තිබී ඇත. මළ සිරුර තිබී ඇත්තේ විහාරස්ථානය වෙත ගමන් කරන මාර්ගයේය.

    මෙම හිමිනම අවුරුදු 67ක් වයසැති බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලීසිය කියයි. මෙසේ උන්වහන්සේ මියගොස් ඇත්තේ රහස් ගමනක් යමින් සිටියදී බව පෙනී යන බව පොලීසිය සඳහන් කරයි.

    මෙම මරණයට හේතුව මෙන්ම උන්වහන්සේ මෙසේ සිවුරු අතහැර ගිහි ඇදුමකින් සැරසී ගියේ කවුරුන් මුණ ගැසීමට දැයි සොයා විමර්ශන පැවැත්වේ.

    ඔබේ අදහස් දක්වන්න.